ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනාධිපතිවරයා වෙත හදිසි ලිපියක්
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කෙරෙමින් තිබූ නිලධාරි අධිරාජ්‍යයන් බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියකින් අවධාරණය කර තිබේ.
නීති විරෝධී ආකාරයට සිරකරුවන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව එම ලිපියෙන් මූලික අවධානය යොමු කර තිබේ. එයට අමතරව, ඉදිරියේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.
බන්ධනාගාර තුළ සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය ම පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ ඉක්මන් අවශ්‍යතාවය පිළිබඳව එයින් අවධාරණය කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

