Latestදේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනාධිපතිවරයා වෙත හදිසි ලිපියක්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කෙරෙමින් තිබූ නිලධාරි අධිරාජ්‍යයන් බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියකින් අවධාරණය කර තිබේ.

නීති විරෝධී ආකාරයට සිරකරුවන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව එම ලිපියෙන් මූලික අවධානය යොමු කර තිබේ. එයට අමතරව, ඉදිරියේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

බන්ධනාගාර තුළ සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය ම පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ ඉක්මන් අවශ්‍යතාවය පිළිබඳව එයින් අවධාරණය කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *