Latestදේශීය

අයතා ලෙස මුදල් ඉපැයූ බන්ධනාගාර නිළධාරීන් නීතිය හමුවට

බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

අයතා වත්කම් හරහා සුපිරි නිවාස හා යාන වාහන ලබාගෙන හිටිහැටියේ ප්‍රකෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානින් පිළිබඳව මෙහිදී විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

මෙම විමර්ශන සිදු කරන්නේ බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි විවිධ සංවිධාන හා පුද්ගලයන්ගෙන් ලැබී ඇති පැමිණිලි අනුවයි.

ඒ යටතේ බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලු දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ව විමර්ශන සිදු කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *