Latestදේශීය

පොලීසියට ව්‍යූහාත්මක වෙනසක් – යුක්තිගරුක සමාජයක්

පොලිස් දෙපාර්තමේන්තුව පියවර කිහිපයක් යටතේ ව්‍යුහාත්මක ව නවීකරණය කරන ආකාරයත්, ඒ වෙනුවෙන් ආධුනික පොලිස් නිලධාරීන් 5,000ක් බඳවා ගැනීම සහ හමුදා සේවයේ යෙදී සිට නීත්‍යානුකූලව ඉවත් වූ 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

මාස 3ක් ඇතුළත පහළ පොලිස් නිළධාරීන්ගේ උසස්වීම් නිසි පරිදි සිදුකිරීමට කටයුතු කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරනය කර ඇත.

මත්ද්‍රව්‍ය සහ පාතාලය එකට ගැටගැසී ඇති සමාජ ව්‍යසනයක් බවත් එම ව්‍යසනයෙන් රට මුදවාගැනීමට නම් මහජන ආරක්ෂක කමිටු ස්ථාපිත කරමින් ජනතාවත් සමග ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

තඹුත්තේගම පැවති උත්සවයක දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ වීඩියෝව පහත දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *