Latestදේශීය

දයා වෙන්දේසියේ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායකයෙකු මෙන් ම, රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන දයා ගමගේ හිටපු අමාත්‍යවරයාගේ දේපළ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ අධිකරණය නියෝග කළේය.

දේශපාලන බලය යොදවා රාජ්‍ය මූල්‍ය ආයතනවලට පොලු තබා තිබූ ඔහුගේ ව්‍යාපාර තුනක් සම්බන්ධයෙන් මහජන බැංකුවට අනුබද්ධ පීපල්ස් ලීසින් සමාගම පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ. ඒ අනුව ලබන ජූලි 02 වෙනි දින වෙන්දේසිය සිදු කෙරේ.

මේ අතර, මහජන බැංකුවට ද ඔහු විසින් රුපියල් කෝටි 300කට අධික පොලු තබා ඇති අතර එම මුදල් අය කර ගැනීමට ද නියමිත බව වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *