Latestදේශීය

අනේ අපිව බේරාගන්න – මහින්දානන්ද, නලීන් ඇයැදී

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු තමන් බැලීමට පැමිණි මන්ත්‍රීවරුන් පිරිසකින් අපව බේරාගන්නැයි ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ ඔවුන්ගේ සුවදුක් බැලීමට ගොස් ඇති හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයකු වන නීතීඥ අනුරාධ ජයරත්න මහතා ඇතුළු මන්ත‍්‍රී පිරිසකගෙනි.

මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම බන්ධනාගාර ජම්පර ඇඳ සිටි අතර දැඩි ලෙස මානසිකව ඇද වැටී සිටි බවත්, දැක්ක විට කනගාටුවක් ඇති වන බවත් එහි ගිය මන්ත්‍රීවරයෙක් සඳහන් කර තිබේ.

කෙසේ වුවද, ඔවුන්ට යම් සහනයක් ලබා ගැනීමට සිදුවන්නේ අධිකරණයෙන් බවද එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේදී සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදී ගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කළේ යැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙනි.

පසුගිය මස 29 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔවුන් දෙදෙනා අදාළ චෝදනාවලට වරදකරුවන් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව, හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක්ද, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක්ද නියම කෙරිණි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *