GossipsLatestදේශීය

වැටි වැටි යන හැටි කදිමයි කූරු ගැන

කෙහෙළිය උන්නැහේ….. කයිවාරු පම්පෝරි අඩුනැතුව ඒකටත් හරියන්න උද්දච්චකම ඉහටත් උඩින් තියාගෙන රටක් අන්දපු මිනිහා. එන එන පාලකයත් එක්ක අඩු නැතුව ඩීල් දාගෙන කාටත් වැඩියෙන් රාජපක්ෂ පරම්පරාවේ පා පහසට අසීමිතව ආශා කළ මේ මනුස්සයාගේ දේශපාලනික හෝ පෞද්ගලික ලබැඳියාවටන් අපිට කාරි නැතුවා………. ඔය කොයි අයියත් තමන්ගේ ආත්මය තමන්ට කැමති විදියට බැල්කනියෙන් බැරිනම් ඇඳ පල්ලෙන් බිමට පතබාලා මොනතරම් නිවටකම් පෑවත් අපිට කමක් නැහැ.

ඒත් උන්නැහේලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එකයි තමන්ට බලය දුන්නු මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලමට ගන්න එකයි අපිට රුස්සන්නේ නැතුවා…..

සෞඛ්‍ය ඇමති විදියට තියා අඩුම තරමේ තත්ත්ව පරීක්ෂක වගකීමක්වත් දෙන්න බැරි තරම් දූෂිත, වංක, අමානුෂික මේ වගේ අයට දෙන්න ඕනා දඬුවම් මෙව්වැයි කියන්න බැරිතරම් පාපතරයෝ තමයි ඔය දියවන්නාවට පැනලා අපේ ජීවිත හප කළේ.

දැන් දැන් එක එක සිද්ධි එළියට එන නිසාම නීතියට එහා යුක්තිය ගැන බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුලුවන් උනත් මේ උන්නැහේලාට අනාගතයේ අත්වන ඉරනම අනුව තමයි අපිටත් හැමදෙයක් ගැනම සහතිකයක් දෙන්න පුලුවන් වෙන්නේ…..

තව තෝරු මෝරු රොත්තක්ම ඉන්නවානේ මේ වගේ පාපතර…….. උන්ටත් මොකද වෙන්නේ (මොකද කරන්නේ)  කියලා අපි බලමුකෝ…………


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *