ඉෂාරා රටින් පිටවගොස් නැහැ – ආනන්ද විජේපාල
ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.

‘ටීවි දෙරණ’ ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

