Latestදේශීය

නිස්සංක ඇයි ශිරන්තිගේ ගිණුමට සල්ලි දැම්මේ?

මහජන ධනය කොල්ල කෑ බවට චෝදනා එල්ල වී සිටින නිස්සංක සේනාධිපති ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය සංවිධානයේ ගිණුමට මුදල් බැර කිරීම පිළිබඳව විමර්ශන දියත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානයේ බැංකු ගිණුම් ආරම්භ කර ඇත්තේ ජාතික හැඳුනුම්පත් අංක 222222222V යන ව්‍යාජ අංකය යටතේ හැඳුනුම් පතක් ඉදිරිපත් කිරීමෙනි. එම සංවිධානයේ ම තවත් නිලධාරිණියක් බව කියන තැනැත්තියක් ලබා දී තිබූ ජාතික හැඳුනුම්පත් අංකය වන්නේ 111111111V යන්න ය.

මෙම කූට මූල්‍ය ජාවාරම පිළිබඳව එවකට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පරීක්ෂණ දියත් කරනු ලැබීය. එහෙත්, රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, විජේදාස රාජපක්ෂ සහ නිස්සංක සේනාධිපති එක්ව දියත් කළ සැලසුම් සහගත කුමන්ත්‍රණයකින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට තනතුරු අහිමි කරනු ලැබීය. ඉන් පසු එම විමර්ශනය යට ගසනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *