Latestදේශීය

කෙහෙළිය පවුලටම අධිචෝදනා

(ඒ. ජේ. ඒ. අබේනායක)

රුපියල් කෝටි ගණනාවක වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගැනීමේ චෝදනා එල්ල වී ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට හා එක් දියණියකගේ සැමියාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගියදා (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබීය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා ඇතුළු චෝදනා 43ක් යටතේ එම නඩුව පවරනු ලැබීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනි, දියණියන් වන අමාලි රඹුක්වැල්ල, නයනිකා රඹුක්වැල්ල, චන්දුලා රඹුක්වැල්ල හා බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර එම නඩුවේ විත්තිකරුවෝ ලෙස නම් කර තිබේ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *