කුඩු බෙදූ කළුතර දහම් අත්අඩංගුවට
ඊසිකෑෂ් ක්‍රමයට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම හොරයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
“කළුතර දහම්” නමින් හඳුන්වන සැකකරු දීර්ඝ කාලයක් පුරාවට ඉතා සූක්ෂම ලෙස පොලිස් ඇසට හසු නොවී අයිස් සහ හොරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලක්ෂණ 50කට ආසන්න හොරයින් සහ අයිස් මත්ද්‍රව්‍යද ළඟ තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිරන්තරයෙන් රැඳී සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (28) සවස කටුකුරුන්ද මංසන්දියේ රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 110ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ ජවාරමෙන් උපයා ගත් රුපියල් 750,000 මුදලක්, ඩිජිටල් තරාදියක් ද පොලීසියට හසුවී තිබේ.
සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධව අධිකරණ රැසක නඩු විභාග වන අතරම මොහුට විරුද්ධව වරෙන්තු කිහිපයක්ද ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) දින කළුතර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන කළුතර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මකය.
@sinhala.adaderana.lk