පිල්ලෙයාන්ගේ සමීපතමයා, පුෂ්පකුමාර් අත්අඩංගුවට
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගැනීමේ සිදුවීමට අදාළව නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වන ඉනිය භාරතී හෙවත් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (06) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති 2006 දෙසැම්බර් 15 වන දින කොළඹ සිට මඩකලපුව දක්වා වාහනයකින් ගමන් කරමින් සිටියදී කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති මෙන්ම ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ද පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 3 ක රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වන ඉනිය භාරතී හෙවත් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත ඔහු ලබා දුන් ප්‍රකාශය පදනම්වය.
2005 සහ 2009 අතර කාලය තුළ තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම විශේෂත්වයකි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

