BRICS එකඟතාවයට ඇමරිකාවෙන් 10%ක අතිරේක බද්දක්
අමෙරිකාව පනවන නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි එරට වේලාවෙන් අද දහවල් 12 සිට අදාළ රටවල් වෙත යොමුකිරීම අරඹන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ටෘෘත් සෝෂල් අඩවියේ සටහනක් තබමින් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ BRICS සංවිධානය හඳුන්වාදෙන අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එකඟවන ඕනෑම රටක් මත සියයට 10ක අතිරේක තීරුබදු පනවන බවය.

එම බදු ප්‍රතිශතය කිසිසේත් වෙනස් නොකරන බවත් ඔහු අවධාරණය කර තිබුණා.
ඔහු මේ බව නිවේදනය කළේ BRICS සමුළුව බ්‍රසීලයේදී ආරම්භ වූ පසුබිමකදීය.
2009 වසරේදී, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය පිහිටුවාගත් එම සංවිධානයට පසුකාලීනව දකුණු අප්‍රිකාව එක්වූ අතර, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුව ඊට සම්බන්ධ වුණා.
අමෙරිකානු බලධාරීන්ට අනුව තීරුබදු ප්‍රතිශත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස පළමුවැනිදා සිටය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

