සුගීෂ්වරට ඇප – විදෙස් ගමන් තහනම්
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
ඒ, ඔහු අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඔහුට ලක්ෂ 100 බැගින් වු ශරිර ඇප දෙකක් හා ලක්ෂ 05ක මුදල් ඇපයක්ද නියම කර තිබේ. සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කිරීමේ නියෝගයක් අධිකරණයෙන් නිකුත් කර ඇත.
ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ 2026 ජුනි 18 වන දා වන අතර නොවැම්බර් 18 වන දින දක්වා දින 153ක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

