Latestදේශීය

ජනපති සහ අපනයන කර්මාන්තයට අදාල සියලු පාර්ශව අතර සාකච්ඡා

 ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස  පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44%  සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එහිදී මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලටව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ,  ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය සහ මෙම තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව

අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එහි ධනාත්මක පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ප්‍රවේශයන් හඳුනා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ අපනයන විවිධාංගීකරණය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුබස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ,  මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමවෙළෙඳවාණිජආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජාජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුවඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති ෂනිල් ප්‍රනාන්දුතේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති හුසීෆා අක්බරලි යන මහත්වරු සහ  බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතා ඇතුළු අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *