සැඟව ගිය රාජිත
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිවසින් පිටව ගොස් ඇති බවත්, ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් අල්ලස් කොමිසම මේ බව අධිකරණය හමුවේ කියා සිටියේය.
සේනාරත්න මහතා මේ වන විට තමන් රටින් බැහැරව සිටින බව ප්‍රකාශ කර ඇති අතර තමන් අසනීපයෙන් පසුවන බවට අල්ලස් කොමිසමට ලබා දී ඇති ලේඛනයට නීතිමය පිළිගැනීමක් දක්වා නොමැති බවද කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සේනාරත්න මහතා අල්ලස් කොමිසමට ලබා දුන් ලේඛන පරීක්ෂා නොකර වරෙන්තුවක් නිකුත් කළ නොහැකි බව අධිකරණය ප්‍රකාශ කළ අතර එහෙත් සැකකරු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය ඇති බවත් ඒ අනුව තම බලතල ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවත් අධිකරණය පෙන්වා දුන්නේය.
ධීවර වරාය නීතිගත සංස්ථාවට ඉදිරිපත් කළ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට ලක්ෂ 263කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ෂණයකට අදාලව අල්ලස් කොමිසම මෙම ඉල්ලීම අධිකරණයෙන් කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

