Latestනවතම ලිපිවිදේශීය

පෘථිවියේ භ්‍රමණ කාලය අඩුවෙයි – කෙටි දින හමුවෙයි

මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පෘථිවිය අසාමාන්‍ය ලෙස කෙටි දින කිහිපයක් පසු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව ජූලි මස 9 වන දින පෘථිවිය මෙතෙක් වාර්තා කළ කෙටිම දිනවලින් එකක් වාර්තා කර තිබෙයි.

එක්සත් ජනපද නාවික නිරීක්ෂණාගාරයේ සහ ජාත්‍යන්තර පෘථිවි භ්‍රමණ සහ විමර්ශන පද්ධති සේවයේ දත්ත වලට අනුව පෘථිවියේ භ්‍රමණය පැය 24 ට වඩා මිලි තත්පර 1.34 ක් පමණ අඩු වී ඇති බව සඳහන්‌ වෙයි.

කෙසේ වෙතත් පෘථිවියේ භ්‍රමණ වේගය වෙනස්වීමට චන්ද්‍රයාගේ සහ සූර්‍යාගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය, පෘථිවි පෘෂ්ඨයේ භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුළං රටා හා සාගර ධාරාවල වෙනස්වීම් වැනි සාධක බලපාන බව සඳහන් වෙයි

පෘථිවියේ භ්‍රමණ කාලය අඩු වීම සාමාන්‍ය දෙයක් ලෙස නොසලකයි.

බොහෝ කාලයක් තිස්සේ පෘථිවියේ භ්‍රමණ කාලය දිර්ඝ වීම සිදුවන බව විද්‍යාඥයින් පවසයි

වසර මිලියන 70 කට පෙර ජීවත් වූ ටිරන්නෝසෝරස් රෙක්ස් (Tyrannosaurus)  කෙනෙකුට පැය 23 1/2 ක පමණ සාමාන්‍ය දෛනික භ්‍රමණයක් අත්විඳිය හැකි බව අධ්‍යයනවලින් සොයාගෙන ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *