ඇමරිකාවෙන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ යන්ත්‍රයක්
කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිවැරදිව හඳුනා ගැනීම සඳහා නිරිතදිග අසියානු රටවල් ආශ්‍රිත අධිකරණ වෛද්‍ය රසායානාගාරවල හැකියාවන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (US Department of State) විසින් කොළඹ ක්‍රමය (The Colombo Plan) යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ජාතික මාදක රසායානාගරය සඳහා රුපියල් මිලියන 40කට ආසන්න වටිනාකමකින් යුත් RADIAN ASAP මත්ද්‍රව්‍ය පරීක්ෂණ යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති නීතීඥ සුනිල් වටගල මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ,
“දැනට අපි මත්ද්‍රව්‍ය පරික්ෂා කරනවා. නමුත් අපට අවශ්‍යයි ඉතා කාර්යක්ෂම මෙවලම් මේ සඳහා උපයෝගි කර ගන්න. ඒ අනුව මෙම යන්ත්‍රය මගින් නව කෘතීම මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙමගින් ක්ෂණික ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. කාලය, පිරිවැය, ශ්‍රමය මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය හරහා ඉතිරි වනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොළඹ ක්‍රමය මගින් රුපියල් මිලියන 40ක් වැය කරමින් අප වෙත කළ මෙම පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම සංවිධානයටත්, සහභාගී වූ නියෝජිතයන්ටත් ස්තුතිය පුද කරනවා.”
අන්තර්ජතිකව පාලනයට නතු සියලු මත්ද්‍රව්‍ය, නව කෘතිම මත්ද්‍රව්‍ය සහ පුර්වජ රසායන ද්‍රව්‍ය නිවැරදිව හඳුනා ගැනීමේ ඉහළ තාක්‍ෂණයෙන් යුත් මෙම RADIAN ASAP යන්ත්‍රය ජාතික මාදක රසායානාගාරයේ විශ්ලේෂන කටයුතු කාර්‍යක්‍ෂමව කිරීම සඳහා මහත් පිටුවහලක් බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, කොළඹ ක්‍රමය කාර්යංශයේ නියෝජිතයින් සහ දෙස් විදෙස් නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දී අද (15) පැවැත්වුනි.
@Lanka Truth