එඩේරිකාවන්ට සෞන්දර්යාත්මක අත්දැකීම් රැගෙන “අහස තරම් ජීවිතයට” පානදුරට සපැමිණෙන වගයි
පෙරඹර සංස්කෘතික අවකාශය යටතේ ක්‍රියාත්මක වන අහස පුස්තකාල ජාලය මගින් සංවිධානය කරන “අහස තරම් ජීවිතයට” ප්‍රදර්ශනය, ළමා සහ නව යොවුන් කඳවුරේ මීළඟ ආකර්ශණීය මෙන්ම ප්‍රාසාංගික සාහිත්‍ය දිනය 2025 ජූලි මස 18 දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පෙරඹර සංස්කෘතික අවකාශයේ සංවිධායක අංශය පවසයි.

පානදුර යහපත් එඩේරා කන්‍යාරාමයේ පවත්වන්නට නියමිත මෙම එක්දින කඳවුර සදහා ශිෂ්‍යාවන් 650ක් පමණ සහභාගි වීමට නියමිතව ඇත.
පානදුර යහපත් එඩේරා කන්‍යාරාමයේ කලා සංගමය මගින් මෙය සංවිධානය කරනු ලැබේ.
6,7 සහ 8 වසර ශිෂ්‍යාවන් සදහා දහවල් 1.30 දක්වා ළමා කඳවුර පැවැත්වීමට නියමිත අතර 9, 10, 11 සහ උසස් පෙළ ශිෂ්‍යාවන් සදහා නව යොවුන් කඳවුර උදෑසන 8.00 සිට රාත්‍රි 8.00 දක්වා පැවැත්වේ. මෙහි අවසාන භාගය සෞන්දර්යාත්මක ගිණිමැලය සංදර්ශනයකින් ද විචිත්‍රවත් වීමට නියමිතයි.

පෙරඹර සංස්කෘතික අවකාශයේ අහස පුස්තකාල ජාලය මගින් අඛන්ඩව පවත්වාගෙන එනු ලබන “අහස තරම් ජීවිතයට” ළමා සහ නව යොවුන් කඳවුර කළුතර සිරි සීවලී විද්‍යාලය, මග්ගොන ශාන්ත මරියා විද්‍යාලය, හංවැල්ල ජෝන් බොස්කෝ විද්‍යාලය, කුලියාපිටිය වීරපොකුණ ජාතික පාසල ඇතුළු පාසල් සහ ප්‍රජා මූළික ස්ථාන බොහොමයක සාර්ථවක පවත්වා ඇති අතර තවත් පාසල් ගණනාවක ප්‍රදර්ශනය සහ නව යොවුන් කඳවුර පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව පෙරඹර සංවිධායක අංශය පවසයි.

ජීවිතයේ කුණාටු සමයත් ජීවිතයේ ආයෝජන සමයත් එකට හමුවන නව යෞවන විය සාර්ථකව බාර ගැනීමට සිසු සිසුවියන්ට ශක්තිය, ධෛර්යය සහ බුද්ධිය යෝජනා කරන මෙම වැඩසටහන හරහා මේ වනවිට දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාව තම ජීවිතයේ අරුත් සොයාගනිමින් සිටින බව පෙරඹර සංස්කෘතික අවකාශයේ, අධ්‍යක්ෂ සංස්කෘතික මෙන්ම අහස පුස්තකාල ජාලයේ කැඳවුම්කාරිනිය වන දිල්රුක්ෂි වීරසිංහ මහත්මිය CMN සමග පැවසීය.

දරුවන්ට ආදරය කිරීම යනු දරුවන්ගේ ජීවිත විනාශ වනතුරු බලා සිට කේවල සිදුවීම් හමුවේ අනුකම්පාව උපදවා ගැනීම නොව දරුවන්ගේ ජීවිත නිවැරදි මාවතට ගෙන ඒම සදහා ඒ ජීවිත වල වගකීම බාරගැනීම සහ ඔවුන්ව නිවැරදි දේ හරහා සංවිධානය කිරීම යන අසීරු කාර්යය බාරගැනීම බව දිල්රුක්ෂි වීරසිංහ මහත්මිය වැඩිදුරටත් පවසන ලදි.
