ශානි, එක්නැලිගොඩ නඩුවේ සාක්කිරුවෙක් වෙයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුලු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක ශානී අබේසේකර නම් කළ බව නීතීපති ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට ඊයේ (16) දැනුම් දී තිබේ.
මහාධිකරණ විනිසුරුවරු ආචාර්ය නාමල් බලල්ලේගේ සභාපතිත්වයෙන් යුත් මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මේ බව දැනුම් දී ඇත.
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් එක්නැළිගොඩ අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම අපරාධයන් සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතීපති විසින් වැඩිදුරටත් චෝදනා නඟා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර සාක්ෂිකරුවකු ලෙස නම් කරන ලෙස පැමිණිල්ලේ නීතීඥයින් ඉල්ලා ඇත්තේ 2022 වසරේ නොවැම්බර් මස 29 වනදා වන අතර ශානි අබේසේකර මෙම නඩුවේ 109 වන සාක්ෂිකරු වශයෙන් මේ වනවිට නම් කර තිබේ.
ඊයේ තිර පිටපත් හා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන වසන්ත කුමාර, හිටපු එල්ටීටී සාමාජිකයකු වූ ශිව කුමාර් හා විශ්‍රාමික යුධ හමුදා සෙබල සම්පත් කුමාර වීරතුංග යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබේ.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සිකුරාදා පෙරවරු 10.30 යළි සිදු කිරීමට නියමිතය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

