රෝහිතගේ බෑනා ඇතුළට – ජගත්ගේ පුතා එළියට
එකලස් කරන ලද ජීප් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන ධනුෂ්ක ප්‍රියදර්ශන යන අය නීතීඥයෙකු මාර්ගයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. එසේ භාරවීමෙන් අනතුරුව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි. හෙට්ටිවත්ත මහත්මිය විසින් සැකකරු අගෝස්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.
ඒ සමඟම මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතානව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට ද නියෝග කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

