Latestදේශීය

පොලීසියේ රාජකාරි කරන ගමන් මත්කරල් ලක්ෂ 13ක් ගෙන්වලා

පොලිස් සේවයේ නිරතව සිටියදී විවිධ ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් අත්තඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම් වේගයෙන් ඉහළ යමින් පවතින අතර එහි නවතම පියවර මත්ද්‍රව්‍ය කරල් ලක්ෂ 13ක් ඉක්මවූ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබීමයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙන කර ගෙන යන ලද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කොහුවල පොලිසියේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ මෙන් ම, ඔසුසල් හිමිකරුවෙකු අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාර ගත කර ඇත. මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්තඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් නිලධාරියා බෙල්ලන්විල ජය මාවතේ ඔහුගේ නිවසේ පදිංචිව සිටිමින් මිල ග්‍රෑම් 150 බැගින් වූ මත්ද්‍රව්‍ය කරල් 1,318,800 ක් සහ මිල ග්‍රෑම් 300 ප්‍රමාණයේ කරල් 11,900ක් ගබඩා කර තිබියදී සොයා ගෙන ඇත. මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම, මූල්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධ සිදු කරන සංවිධානාත්මක කල්ලිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් ගණනාවක් පසුගිය සති කිහිපය තුළ අත්තඩංගුවට ගනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *