ජාතික මළල ක්රීඩා ශූරතාවලිය දියගමදී
ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය සංවිධාන කරන 103 වැනි ජාතික මලල ක්රීඩා ශූරතාවලිය හෙට (2) සහ අනිද්දා (3) දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වේ.
දෙදිනක් පැවැත්වෙන ශූරතාවලියේ පළමු දිනයේදී ඉසව් 16ක අවසන් තරග පැවැත්වෙන අතර, දෙවැනි දිනයේදී අවසන් තරග 20ක් පැවැත්වීමට නියමිතය.
මීටර් 10,000 කාන්තා ඉසව්වෙන් පළමු දිනයේ තරග ආරම්භ වන අතර, පිරිමි මීටර් 5,000, පිරිමි හෙල්ල විසිකිරීම, කාන්තා යගුළිය දැමීම, පිරිමි මිටිය විසිකිරීම, කාන්තා දුර පැනීම පෙරවරුවේ පැවැත්වෙන අතර, පස්වරුවේදී කාන්තා රිටි පැනීම, පිරිමි දුර පැනීම, කාන්තා හෙල්ල විසිකිරීම, පිරිමි යගුළිය දැමීම, කාන්තා මීටර් 100 කඩුලු පැනීම, පිරිමි මීටර් 110 කඩුලු පැනීම, කාන්තා මීටර් 400, කාන්තා මීටර් 1500 සමඟ වේගවත්ම ක්රීඩකයා හා ක්රීඩිකාව තෝරා ගැනීමේ කාන්තා සහ පිරිමි මීටර් 100 ඉසව් පැවැත්වේ.
දෙවැනි දිනය මීටර් 10,000 පිරිමි ඉසව්වෙන් ආරම්භ වන අතර, පිරිමි රිටි පැනීම, කාන්තා මීටර් 5,000, කාන්තා මීටර් 800, කාන්තා කවපෙත්ත විසිකිරීම, පිරිමි මීටර් 400, පිරිමි උස පැනීම, කාන්තා තුන්පිම්ම සහ පිරිමි මීටර් 800 තරග පෙරවරුවේ පැවැත්වේ. කාන්තා උස පැනීම, පිරිමි කවපෙත්ත විසිකිරීම, පිරිමි තුන්පිම්ම, කාන්තා මිටිය විසිකිරීම, කාන්තා සහ පිරිමි මීටර් 400 කඩුලු පැනීම, කාන්තා සහ පිරිමි මීටර 200, කාන්තා සහ පිරිමි මීටර් 3,000 බාධක දිවීම සහ පිරිමි මීටර් 1500 පස්වරුවේදීත් පැවැත්වීමට නියමිතය. මේ ශූරතාවලිය ලබන සැප්තැම්බර් මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා ජපානයේ ටොකියෝ නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමේත්, නොවැම්බර් මස ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්වීමට නියමිත දකුණු ආසියනු මලල ක්රීඩා ශූරතාවලිය සඳහා තේරීම් තරගාවලියක් ලෙසත් පැවැත්වේ.
@දිනමිණ