Latestදේශීය

05 ශිෂ්‍යත්වය 10වෙනිදා

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය මේ මස 10 දා රට පුරා විභාග මධ්‍ය­ස්ථාන 2,728කදී පැවැත්වේ. ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ උප­කා­රක පන්ති පැවැ­ත්වීම අනිද්දා (06) මධ්‍යම රාත්‍රී 12න් පසුව සපුරා තහ­නම් බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා කුමාරි ලිය­නගේ මහ­ත්මිය පැවැ­සු­වාය.

විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති සංවි­ධා­නය සහ එම පන්ති මෙහෙය වීම, විෂ­යා­නු­බද්ධ දේශනා, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, මෙම විභා­ගය සඳහා අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න ලබා­දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා­දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම මෙම තහ­නම යටතේ බල­පැ­වැත්වේ.

2025 අගෝස්තු 12 දිනැති අංක 1927/49 දරන අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­නය මඟින් සංශෝ­ධිත 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පන­තෙහි 22 වග­න්තිය යටතේ නිකුත් කර ඇති නියෝග ප්‍රකා­රව පාස­ල්ව­ලට සිසුන් තෝරා ගැනී­මට සහ ශිෂ්‍යා­ධාර ප්‍රදා­නය සඳහා පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය පැවැ­ත්වෙන අතර යම් අයෙක් හෝ ආය­ත­න­යක් හෝ වෙනත් පාර්ශ්ව­යක් විභා­ගය සම්බ­න්ධ­යෙන් පව­තින නියෝග කඩ කළ­හොත් අදාළ පාර්ශ්වය වර­ද­ක­රු­වකු වන බව ද විභාග කොම­සා­රි­ස්ව­රිය ප්‍රකාශ කළාය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *