Latestදේශීය

අළුත් විවාහයකට අළුත් නිවසක් – වසන්ත සමරසිංහ

අලුතෙන් විවාහ දිවියට එළඹෙන යුවළවල් සඳහා රජයෙන් නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

විවාහ වූ පසු තමන්ගේම නිවසක ජීවත්වය ගත කිරීමට තරුණ පරම්පරාව කැමැත්තක් දක්වන බවද පෙන්වා දුන් ඔහු රජයේ මෙම නව වැඩපිළිවෙළ එම අරමුණ සපුරාලනු ඇති බවද ඇමතිවරයා කියා සිටී.

මෙම වැඩපිළිවෙල ඉදිරි වසර පහත් දහයත් අතර කාලය තුළ මෙරට නිවාස ගැටළුව විසඳීමේ අරමුණෙන් සිදු කරන බවත් ඇමතිවරයා පැවසුවේය.

එමෙන්ම රාජ්‍ය සේවකයන්ට නිවාස ඉදිකිරීමට අලුත් වැඩියා කිරීමටද ණය මුදලක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටිය අනුරාධපුරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *