Latestදේශීය

පියංකර ජයරත්නට අධිචෝදනා

පියං­කර ජය­රත්න මහතා සිවිල් ගුවන් සේවා ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ කාල­යේදී වෙසක් කාඩ් පත් මුද්‍ර­ණය කිරීම මඟින් රජ­යට අයුතු පාඩු­වක් කිරීම ඇතුළු අධි­චෝ­දනා 2ක් යටතේ පව­රන ලද අල්ලස් නඩුවේ චෝදනා භාර දීම කොළඹ ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න මහතා ඉදි­රියේ දී ඊයේ (04දා) සිදු විය.

නඩුව කැඳ­වන ලද අව­ස්ථාවේ ඇප මත මුදා­හැර සිටින හිටපු ඇමැ­ති­ව­රයා අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­යේය.

මහා­ධි­ක­ර­ණයේ භාෂා පරි­ව­ර්තක මල්ෂි ප්‍රනාන්දු චෝදනා කියවා දීමෙන් පසු තමන්ට විරු­ද්ධව ඉදි­රි­පත්ව ඇති සියලු චෝද­නා­වන්ට විත්ති­කරු නිවැ­ර­දි­කරු බව කියා සිටි­යේය.

අන­තු­රුව පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ගය ආරම්භ විය. එහි දී සිවිල් ගුවන් සේවා අධි­කා­රියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් පණ්ඩුක ප්‍රියංක ජය­වීර මහතා සාක්ෂි දෙන ලදී.

සාක්ෂි විභා­ගයේ දී නිසි පටි­පා­ටි­යෙන් බැහැ­රව ද්විතී­යික සාක්ෂි ඉදි­රි­පත් කිරීම සම්බ­න්ධ­යෙන් විත්තිය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විරෝ­ධ­තා­වක් ඉදි­රි­පත් කළේය.

එම ඉල්ලීම පිළි­ගත් අධි­ක­ර­ණය ද්විතී­යික සාක්ෂි විම­සීම පිළි­බඳ කරුණු දැක්වීම සඳහා කැඳ­වීම් දින­යක් නියම කළේය. ලබන ඔක්තෝ­බර් 14දා නඩුව යළි කැඳ­වී­මට නිය­මි­තය. පැමි­ණිල්ල වෙනු­වෙන් නීතිඥ ඉෂානි රාජ­පක්ෂ මෙනෙවිය පෙනී සිටි­යාය.

2013 වසරේ මැයි මස 10 සහ ජූනි 06දා අතර කාලය තුළ දී වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍ර­ණය කිරීම මඟින් රජ­යට රුපි­යල් 1,28,520ක පාඩු­වක් කිරීමේ චෝද­නාව යටතේ මෙම නඩුව පවරා ඇත. පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් 11 දෙනකු නම්කර ඇත. විත්ති­කරු රුපි­යල් 25,000ක මුදල් හා ලක්ෂ 25ක ශරීර ඇප මත නිද­හස් කර තිබේ.

විත්ති­ක­රුට එරෙ­හිව මෙම නඩු­වට අම­ත­රව අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම තවත් නඩු තුනක් ගොනු­කර ඇත.

රුපි­යල් 360,000ක මුද­ලක් මහ­වැව වී හේන ෆාම් ප්‍රයි­වට් ලිමි­ටඩ් ආය­ත­නය වෙත ගෙවීම සඳහා සිවිල් ගුව­න්සේවා අධි­කා­රියේ නිල­ධා­රීන් පෙලඹවීමෙන් එකී මුද­ලක පාඩු­වක් සිදු කිරී­මෙන් දූෂ­ණය නම් වරද සිදු කිරීම හා රුපි­යල් 494,000ක මුද­ලක් හලා­වත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණු­ම­කට බැර කිරීම සඳහා සිවිල් ගුව­න්සේවා අධි­කා­රියේ නිල­ධා­රීන් පෙලඹවීමෙන් එකී මුද­ලක පාඩු­වක් ආණ්ඩු­වට සිදු කිරී­මෙන් දූෂ­ණය නම් වරද සිදු කිරී­මට එරෙ­හිව අදාළ නඩු පවරා ඇත.

මෙයට අම­ත­රව අමා­ත්‍යාං­ශය යටතේ නැති තන­තු­රක් ස්ථාපිත කර සිය පෞද්ග­ලික ලේක­ම්ව­ර­යාට අම­තර වැටු­පක් ගෙවීමේ චෝද­නාව යටතේ තවත් නඩු­වක් ගොනු­කර තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *