Latestවිදේශීය

කාලයේ වැලිතලාවේ වැසී යාමට නියමිතව තිබුණු සුප්‍රිම් සැට් හෙළිදරව්ව

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව 2012 වසරේ ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ වල දත්ත වල යම් වැරදි තොරතුරු ප්‍රමාණයක් ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අග‍්‍රාමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දිද එය තමන්ට ලැබුණු තොරතුරු ලබාදී ඇති තොරතුරු බව පැවසූ බවද ඔහු පැවසුවේය.

අගමැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සුප්‍රීම්සැට් සමාගම විසින් උපයන ලද ආදායම එම චන්ද්‍රිකා විසින් උපයන ලද්දක් බවට වැරදි ලෙස අර්ථ ගැන්වී ඇති බවද ඔහු පැවසීය.

අදාළ සමාගම චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා රුපියල් බිලියන දොළහක මුදලක් ලබාගත් බවට 2012 ගිණුම් වාර්තාවේ ඇතත් 2014-2015 ගිණුම් වාර්තාවලින් එම කොටස අතුරුදහන් වී ඇති  බවද  ඔහු  පැවසීය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *