Latestදේශීය

කැලේ නැතිව අපේ පර­ම්ප­රා­වට ජීවි­ත­යක් නෑ – ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ

ලංකා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට ආදි­වාසී ගම්මා­න­යට ජනා­ධි­ප­ති­ව­ර­යකු පැමි­ණීම හා ආදි­වාසී දින සැම­රු­ම­කට සහ­භාගි වීම ඉති­හා­ස­ගත වන බව දඹාන ආදි­වාසී නායක විශ්ව කීර්ති ශ්‍රී වන­ස්පති ඌරු­ව­රි­ගයේ වන්නිලා ඇත්තන්, ආදි­වාසී ගම්මා­නයේ මොර­බැ­ද්දේදී ප්‍රකාශ කර සිටි­යේය.

ලෝක ආදි­වාසී දිනය පෙරේදා ( 09 ) දිනට යෙදී තිබුණි. එහි ජාතික සැම­රුම මහි­යං­ගණ, දඹාන, කොට­බ­කි­ණිය, මොර­බැද්ද නම් වන­ගත කොට­සක, රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මැති­තු­මන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් එදින පැවැ­ත්විණ.

එහිදී ඌරු­ව­රි­ගයේ වන්නිලා ඇත්තන් මෙසේද පැව­සීය.

“පෙර­හර ඉවර වෙලා අර රෙදි පිළි ගැල­වු­වාම අලි නිකම්ම අලි විත­රයි. පෙර­හරේ ගෙනි­ය­න­කොට නම් ලයිට් දාලා ලස්ස­නට අන්දලා අර­ගෙන යනවා. අන්න ඒ තැනට අපේ පර­ම්ප­රාව පත් වෙලා තියෙ­නවා දැන්. ඇත්ත­ටම මට පුදුම සතු­ටක් තියෙන්නේ. අද දවස ලංකා ඉති­හා­සයේ මේ රටේ ජනා­ධි­ප­ති­ව­ර­යෙක් මේ කැලෑ­වට ඇවිත් මේ උත්ස­ව­යට සහ­භාගි වන ප්‍රථම අව­ස්ථාව මේක වීම ගැන. මම හිත­නවා මේ තැන ඇත්ත­ටම ලෝකෙ­ටම ආද­ර්ශ­යක් ගෙන එන සිදු­වී­මක් වෙයි කියලා. මේක හරිම වැද­ගත්. ඒ වගේම මම විශ්වාස කර­නවා, අපේ පර­ම්ප­රා­ව­ටත් ඉදිරි කාලයේ යම් හෝ යහ­ප­තක් සිද්ධ­වෙයි කියලා මගේ හිතේ තියෙ­නවා.

ආදි­වාසී දිනය කියලා දින­යක් වෙන් කරලා ඒකට එක එක අවු­රු­දු­වල විවිධ තේමා­වක් වෙන් කර­නවා. මේපාර තේමාව වෙලා තියෙන්නේ ආදි­වාසී ජන­තාව සහ කෘත්‍රිම බුද්ධිය – කෘත්‍රිම බුද්ධිය හැසි­ර­වීම තුළින් ‘ආදි­වාසී අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අනා­ග­තය හැඩ­ගැ­ස්වීම’ (Indigenous Peoples and AI: Defending Rights, Shaping Futures) කියන එකයි. හැබැයි මම විශ්වාස කර­නවා මේ දියු­ණු­වයි මේ තාක්ෂ­ණ­යයි කියන ඒවා හින්දා­මයි අපේ පර­පුර විනාශ වෙන්නේ කියලා. ඉතින් මේ ගැන අපි තවත් සංවි­ධාන වෙලා ඉදි­රි­යට ගමන් කළොත් සම­හර වෙලා­වට අපිට මේ තියෙන තැනත් නැති­වෙන්න ඉඩ­කඩ තියෙ­නවා. ඒ මොනවා සිද්ධ වුණත් ඇත්ත­ටම මම සතු­ටට පත් වෙනවා, ලෝකය දියු­ණු­වෙන් දියු­ණු­වට පත්වෙන්න වෙන්න ලෝකය වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, මිනිස්සු ළඟ තියෙන හොඳ සිරිත් විරිත් විනා­ශ­යට පත් වෙනවා, මේ පරි­ස­රය විනා­ශ­යට පත් වෙනවා. එහෙම කාලෙක මේ ආදි­වාසී පර­ම්ප­රා­වන් උදෙසා ලෝක එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය මඟින් 1984දී ආදි­වා­සීන් වෙනු­වෙන් දින­යක් වෙන් කරලා, ආදි­වා­සීන් ආරක්ෂා කිරීම සඳහා නීති රීති හැදීම පිළි­බ­ඳව. ඒ ගැන මම බෙහෙ­වින්ම සතු­ටට පත්වෙ­නවා. ලෝකයේ විවිධ කර්ත­ව්‍ය­යන් අර­බයා විශේෂ දින­යන් ප්‍රකා­ශ­යට පත් කරලා තියෙ­නවා. එහෙම දින­යක් විශේ­ෂ­යෙන් වෙන් කරන්න වෙලා තියෙන්නේ මිනිස්සු සංව­ර්ධ­නය කිය කියා ඉදි­රි­යට යද්දී මිනි­ස්සුන්ට හැම දෙයක්ම අම­තක වෙනවා. එහෙම මිනි­ස්සුන්ට අම­තක වෙන ලෝකයේ එකම එක දින­යන් හරි ඒ වෙනු­වෙන් වෙන් කරලා තිබීම වැද­ගත් කියලා මම හිත­නවා.

ජනා­ධි­ප­ති­තු­මනි, මේ රටේ ආදි­වාසී පර­ම්ප­රාව ගැන කියද්දී මේ රටේ විවිධ වූ ස්ථාන­වල ඒ අය ජීවත් වෙලා තියෙ­නවා. මේ රටේ මුල් කාලේ ජීව­ත්වෙලා තියෙන්නේ යක්ෂ, නාග, දේව, රාක්ෂ කියන ගෝත්‍ර 04ක්. මේ ගෝත්‍ර 04ට තමයි කියන්නේ සිවු හෙළයෝ කියලා. ඒ කියන්නේ මේ රටේ ජීවත් වෙලා තියෙන්නේ හෙළයෝ. අපේ රට ලොකු ඉති­හා­ස­යක් තියෙන රටක්. මොක­කින් හරි වැර­දිලා තාමත් අපි කතා කරන්නේ අවු­රුදු 2600ක ඉති­හා­ස­යක් ගැන විත­රයි. මම කියන්න දන්නේ නෑ ඒ වැරැද්ද කොහොම වුණාද කියලා. විජය රජ­තු­මන් මේ රටට පැමි­ණිලා මේ රට දියු­ණු­වට පත් කරා කිය­නවා නම්, ඒ කතාව විශ්වාස කරන්න අමා­රුයි. විජය රජ්ජු­රුවෝ මේ රටට එන­කොට තම්මැ­න්නාවේ කුවේණි කපු කටි­මින් හිටියා කිය­නවා. හැබැයි කපු කටින්න තරම් කුවේණි දියුණු තත්ත්ව­යක හිටියා නම් මේ රටේ නොදි­යුණු මිනිස්සු හිටියා කියන එක බොරු­වක්. එක්කෝ ඒ අය කපු මේ රටේ වගා කරලා තියෙන්න ඕ‍ෙන. එහෙම නැත්නම් කපු වෙන රට­කින් මේ රටට ගෙන්වා­ගෙන තියෙන්න ඕ‍ෙන. රට රට­වල් එක්ක ගනු­දෙනු කරන්න නම් ඒ අය හොඳ දියුණු තත්ත්ව­යක ඉන්න ඕ‍ෙන. මෙන්න මෙහෙම කාලෙක ඉඳලා පැවත එන පර­පු­රක, මේ රට දියු­ණු­වෙන් දියු­ණු­වට පත්වේ­ගෙන එන­කොට මේ රටේ නිද­හසේ ජීවත් වෙච්ච අපේ පර­ම්ප­රාවේ මිනි­සුන්ට ඒ නිද­හස අහිමි වුණා. මගේ පියා ජීවත් වෙලා හිටිය කාලේ විශාල සට­නක් කරන්න වුණා. ආදි­වාසී පර­ම්ප­රාවේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කර­ගන්න. හැබැයි ඒ කාල­ව­ල්වල පත් වෙලා තිබුණු ආණ්ඩු හා ඒ ආණ්ඩු කරවූ ප්‍රධා­නීන් ඒ පිළි­බඳ සැල­කි­ල්ලක් දැක් වූයේ නෑ. ජනා­ධි­ප­ති­තු­මනි, මම විශ්වාස කර­නවා, රූප­යක් හද­න­කොට ඒ රූපය ලස්සන කරන්න නම් ඒ රූප­යට විවිධ වර්ණ එකතු කළොත් පම­ණයි ඒ පින්තූ­රයේ ලස්සන වැඩි­වෙන්නේ. හැබැයි සුදු පාටින් පම­ණක් ඒ රූපය හැදු­වොත් ඒ රූපයේ එත­රම් ලස්ස­නක් පෙනෙ­න්නට නෑ. අන්න ඒ වගේ තමයි රටක් හැටි­යට රටක ජීවත් වෙන ඒ ඒ පර­ම්ප­රා­වල විවිධ වූ සංස්කෘ­තින් ඉදි­රි­යට පව­ත්වා­ගෙන යන කණ්ඩා­යම් එකතු වුණොත්, ඒ කණ්ඩා­යම් සම­ගි­යෙන් ඉන්න­වා­නම් පම­ණයි ඒ රට ලස්සන වෙන්නේ. ඒ රට දියුණු කරන්න, සංව­ර්ධ­නය කරන්න කව­දා­වත් අමාරු වෙන්නේ නෑ. අද දවසේ වෙලා තියෙන්නේ මම මේ ජාතියේ කිය­නවා. අහ­වලා අර ජාතියේ කිය­නවා. අනිත් කෙනා පහත් ජාතිය කිය­නවා. තවත් කෙනෙක් උසස් ජාතියේ කිය­නවා.

ජනා­ධි­ප­ති­තු­මනි, මම මේ රැහේ නාය­කයා බවට පත්වෙන්නේ 1998 වෙසක් මාසේ 28 වැනි දින. ඒ දිනයේ ඉඳ­ලාම මම උත්සාහ කළේ මගේ දරුවෝ ජීවත් කර­වන්න නෙවෙයි. මට විට කන්න කීයක් හෝ මුදල් එකතු කර­ගන්න නෙවෙයි. මම මහන්සි වුණේ මගේ පර­පුරේ කණ්ඩා­යම් ජීවත් වෙන්නේ කොහෙද? ඒ අය කොච්චර ඉන්න­වාද? අද වෙන­කොට ඒ අය කොච්චර ප්‍රමා­ණ­යක් විනාශ වෙලා ඉන්න­වාද කියලා හොයලා බල­න්නයි. ඒහෙම හොයලා බලලා මම මුලින්ම අපේ කණ්ඩා­යම් එක­තු­කර ගත්තා. ඒ අයට තියෙන ගැටලු පිළි­බඳ සොයා බැලුවා. එහෙම බැලු­වොත් ජනා­ධි­ප­ති­තු­මනි මට පැව­රුණා හැම අමා­ත්‍යාං­ශ­ය­කම වැඩ කර­න්නත්, හොයලා බල­න්නත්. මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ වැඩ කර­න්නත් වුණා, වන­ජීවී අමා­ත්‍යාං­ශයේ වැඩ කර­න්නත් සිද්ධ වුණා. අමා­ත්‍ය­ව­ර­ය­කුට වඩා වැඩි­යෙන් වැඩ කොට­සක් කරන්න මට සිද්ධ වුණා. මම කැළෑවේ ජීවත් වෙන්නේ. මට පර­පුර ගැන, වැඩ සොයා බලන්න තමයි තිබෙන්නේ. මොන දේ සිද්ධ වුණත් රටක් විදි­යට මම පර­පුරේ නාය­කයා හැටි­යට මේ හැමෝම ගැන හොයා බල­න්නත් ඕ‍ෙන. 1983න් පස්සේ, වතුර වළක ජීවත් වෙච්ච මාළු ටිකක් ගොඩ දාලා ජීව­ත්වෙ­යල්ල කියලා කිය­න්නාක් වගේ තැනට පත් වෙලා තියෙ­නවා අපේ පර­ම්ප­රාව දැන්. වතුර නැතුව මාළු­වාට ජීවත් වෙන්න බෑ වගේම කැලේ නැතිව අපේ පර­ම්ප­රා­වට ජීවි­ත­යක් නෑ.

සම­හර කාල­ව­ලට මට ආරා­ධනා ලැබෙ­නවා ආදි­වා­සීන් 25ක් අරං අර­හෙට මෙහාට එන්න කියලා. මමත් ඒ අය අර­ගෙන යනවා. බොහොම ලස්ස­නට අපි සැම පිළි ගැනී­මට ලක් කර­නවා ඒ අය. ඒ අයගේ වැඩෙත් ඉතා සාර්ථ­කව කර­ග­න්නවා. හැබැයි අපි නැවත ගමට ආවාට පස්සේ අපි ගැන කිසිදු සොයා බැලි­ල්ලක් නෑ. අපි ගැන නැවත මත­ක­යක් ඒ කිසි­වෙ­කු­ට­වත් නෑ. නැව­තත් කව­ද‍ා­හරි පෙර පරිදි අපේ පර­පුරේ අය මොනවා හරි උත්ස­ව­ය­කට ඕනෑ වුණොත් පම­ණයි අපිව මතක් වෙන්නේ. මම මේකට කියන්නේ “පෙර­හරේ ගෙනි­යන අලි වගේ ” කියලා. පෙර හර ඉවර වෙලා අර රෙදි පිළි ගැල­වු­වාම ඒ අලි නිකම්ම අලි විත­රයි. පෙර­හරේ ගෙනි­ය­න­කොට නම් ලයිට් දාලා ලස්ස­නට අන්දලා අර­ගෙන යනවා. අන්න ඒ තැනට අපේ පර­ම්ප­රාව පත් වෙලා තියෙ­නවා දැන්. මම මේ පර­පුර වෙනු­වෙන් මහා විශාල කාර්ය­භා­ර­යන් රැසක් සිද්ධ­ක­රලා තියෙ­නවා.

පසු­ගිය ආණ්ඩුව තිබ්බ කාලයේ මම පාර්ලි­මේ­න්තු­වට යෝජ­නා­වක් ගෙනාවා, ආදි­වාසී පර­ම්පා­රව වෙනු­වෙන් අලු­තෙන් නීති රීති වෙනස් කරලා, අලු­තෙන් පන­තක් හදලා ආදි­වාසී පර­ම්ප­රාවේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කරලා දෙන්න කියලා. ඇත්ත වශ­යෙන්ම ඒ ගැන සාකච්ඡා සිද්ධ කරලා නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත් යවලා හැම වැඩක්ම කරලා ඉවර වෙද්දී ඒ තිබ්බ ආණ්ඩුව වෙනස් වුණා. ඉන්පස්සේ වත්මන් ආණ්ඩුවේ අග්‍රා­මා­ත්‍ය­තු­මිය හමු­වෙලා මේ පනත ගැන මම කතා කළා. අග්‍රා­මා­ත්‍ය­තු­මිය මට පොරො­න්දු­ව­කුත් දුන්නා මාස 03ක් ඇතු­ළත නිමා කරලා දෙනවා කියලා. හැබැයි දැන් මාස 06ක් ගත­වෙලා තියෙ­නවා. තාම ඒ ගැන මොන­වත් වෙලා නෑ.

ඇත්ත­ටම මට පුදුම සතු­ටක් තියෙන්නේ, අද දවස ලංකා ඉති­හා­සයේ මේ රටේ ජනා­ධි­ප­ති­ව­ර­යෙක් මේ කැලෑ­වට ඇවිත් මේ උත්ස­ව­යට සහ­භා­ගි­වන ප්‍රථම අව­ස්ථාව මේක වීම ගැන. මම හිත­නවා මේ තැන ඇත්ත­ටම ලෝකෙ­ටම ආද­ර්ශ­යක් ගෙන එන සිදු­වී­මක් වෙයි කියලා. මේක හරිම වැද­ගත්. ඒ වගේම මම විශ්වාස කර­නවා අපේ පර­ම්ප­රා­ව­ටත් ඉදිරි කාලයේ යම් හෝ යහ­ප­තක් සිද්ධ­වෙයි කියලා මගේ හිතේ තියෙ­නවා. හිටපු ආණ්ඩු­වෙන් හේනා­නි­ගල ආදි­වාසී ගම්මා­නයේ කෞතු­කා­ගා­ර­යක් හැදුවා. මේ වන විට ඒක වවු­ලන් රජ කරන තැනක් බවට පත්වෙලා තියෙ­නවා. 2026 අවු­රුද්දේ ඒ තැන වැඩි දියුණු තත්ත්ව­යට පත් කරලා ඒ තැනේදී නැව­තත් මේ විදි­යට අපි සැම හමු­වෙලා කතා­බහ කරලා වැඩ කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කර­නවා.

අති­ගරු ජනා­ධි­ප­ති­තු­මන් ඇතුළු මේ මැති ඇමැ­ති­ව­රුන් සැමට මම අද­හන කළු­බ­ණ්ඩාර දෙවි­යන්ගේ ඇතුළු කන්දේ දෙවි­යන්ගේ පිහිට ආර­ක්ෂාව ලැබේවා “ යැයි ප්‍රකාශ කර සිටි­යහ.

බුද්ධ­ශා­සන ආග­මික කට­යුතු අමාත්‍ය ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා සභාව ආම­න්ත්‍ර­ණය කර­මින්,

“ මිනි­සුන් හැටි­යට ගත්තාම අප සියලු දෙනා­ගේම අතීත උරු­මය, අපේ තියෙන සමා­න­කම් ගැන, පරි­ස­රය සොබා­ද­හම සමඟ ජීව­ත්වන හිතෛෂී ප්‍රවේ­ශය ගැන, රජය එබඳු ජන­ප්‍ර­ජා­වක් ගැන කල්පනා කර­න්නට ඕන ප්‍රවේ­ශය කුමක්ද කියන එක ගැන ඔබ­තුමා දක්වපු අද­හස් මං හිතන්නේ අපේ විශේෂ ඇග­යී­මට ගෞර­ව­යට පාත්‍ර විය යුතුයි.

ලෝක ආදි­වාසී දිනය යෙදී තිබෙන්නේ අද එහෙම නැත්නම් අගෝස්තු 09 දිනට. 1982 වසරේ ඉඳලා ඇති­වුණු කතා­බ­හක් නිසා ඇත්ත­ටම 1984 ඉඳලා තමයි නිවැ­ර­දිව ඒ තීර­ණය ගත්තේ. ඒකත් ගත්තෙ එක්සත් ජාතීන්ගේ මැදි­හ­ත්වී­මෙන්. අගෝස්තු 09 ජාත්‍ය­න්තර වශ­යෙන් මේ ජගත් ආදි­වාසී දිනය හැටි­යට සැම­රෙන්නේ එහි ප්‍රති­ඵ­ල­යක් විදි­හ­ටයි.

මම පරීක්ෂා කරලා බැලුවා ඊයේ තොර­තුරු කිහි­ප­යක්. ලෝක ආදි­වා­සීන් ප්‍රමා­ණය ගත්තොත් මිලි­යන 476ක විතර ප්‍රමා­ණ­යක් රට­වල් 90ක් නියෝ­ජ­නය කෙරෙන භාෂා 7000කට අධික ප්‍රමා­ණ­යක් කතා කරන, අද­හස් පළ කරන සංස්කෘ­තීන් 5000ක් ඉක්මවා ගියපු සංස්කෘ­තික විවි­ධ­ත්ව­යක් ගැබ්වුණු විෂ­යක් මේක. ලෝක ජන­ග­හ­න­යෙන් 06% ක පමණ නියෝ­ජ­න­යක් මේ ගෞර­ව­නීය ජන­ප්‍ර­ජා­වට හිමි­වෙ­නවා.

දඹාන ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ අපේ ආදි­වා­සීන්ගේ උරු­මය සහ අතීත ප්‍රවේණි පිළි­බ­ඳව කරපු පර්යේ­ෂණ රාශි­යක් තිබෙ­නවා. වෛද්‍ය විද්‍යා­ත්මක, කායික විද්‍යා­ත්මක පැත්තෙන් ගත්තත්, පුරා­විද්‍යා ඉති­හා­සය පැත්තෙන් ගත්තත්, ඒ වගේම මේ ඇත්තන්ගේ භාෂා භාවි­ත­යන් පිළි­බ­ඳව කරපු වාග් විද්‍යා­ත්මක පර්යේ­ෂණ පැත්තෙන් ගත්තත් ඔබ සියලු දෙනාගේ මත­ක­යට නැ‍ෙඟ­නවා ඇති. 1911 වගේ අවු­රු­ද්දක, මීට අවු­රුදු සීය­කට එපිට පළ කරන ලද විශේෂ ග්‍රන්ථ­යක් තමයි සී. ජේ. සෙලි­ග්මාන් සහ බ්‍රෙන්ඩා සෙලි­ග්මාන් කියන යුවළ පළ කරපු සුප්‍ර­කට පර්යේ­ෂණ ග්‍රන්ථය. එත­නින් පස්සේ ආචාර්ය නන්ද දේව විජේ­සේ­කර, ඒ වගේම පී. බී. මීග­ස්කු­ඹුර වගේ හුඟක් අය වැදි භාෂාව පැත්තට නැඹුරු වුණා. ඒ පිළි­බඳ පර්යේ­ෂණ රාශි­යක් සිදු වූ අතර මේ ගෞර­ව­නීය පුර­වැ­සි­යන් ගැන ග්‍රන්ථ රැසක් පළ කරලා තිබෙ­නවා.

අද වන්නිලා ඇත්තන්, විශේ­ෂ­යෙන් සඳ­හන් කළා අප සියලු දෙනාගේ රුධි­රය රතු­පා­ටයි ඇට, මස්, ලේ, නහර සමා­නයි අපේ සිතුම් පැතුම් එක වගේ නේද කියන එක. ඒක මම හිතන්නේ අපේ රජයේ ගරු ජනා­ධි­ප­ති­තුමා නිතර සඳ­හන් කරන, ශ්‍රී ලාංකේය ජාතිය දැන් අප ගොඩ­නැ­ඟිය යුතුයි කියන අපේ අභි­ප්‍රා­යට පුදු­මා­කාර තල්ලු­වක් වටි­නා­ක­මක් පිළි­ගැ­නී­මක් ඇති කරන අද­හ­සක්. මේ සභාවේ ඉන්නවා ඌවේ අපේ මහා සාහි­ත්‍ය­වේදී නිශ්ශංක විජ­ය­මාන්න සොහො­යුරා. නිශ්ශංක විජ­ය­මා­න්න­යන් පළ කළා ජනා­ධි­ප­ති­තු­මනි, කඳ­අ­රනී කියලා නව­ක­තා­වක්. කඳ­අ­රණී කියන්නේ මී පැණි. කඳ­අ­ර­ණිගේ දිය තන ඒ කියන්නේ මී පැණි. ඒ නව­ක­තාවේ ඔහු පරීක්ෂා කර­නවා, අපි වග වාස­ගම් ගොඩ­කට බෙදිලා වෙන වෙනම අන­න්‍යතා එක්ක කට­යුතු කළත් ඔබේ නව­ක­තා­වේදී සාහි­ත්‍යා­ත්ම­ක­වත් ඉති­හා­ස­යට පුරා­වි­ද්‍යා­වට සම්බ­න්ධ­යක් හදා­ගෙ­නත් පරීක්ෂා කර­නවා. බෙදී ගිහිල්ලා හිටි­යට අපේ සමා­ර­ම්භය එකම ඥාති සනු­හ­ර­යක් හැටි­යට එකට තිබුණු හැටි. ඔබ මේ පරි­ස­රය දැක්කා මේ ඓති­හා­සික භූමි­යක් වරිග සභාව රැස්වෙන විශිෂ්ට භූමිය. ‌ඊයේ රාත්‍රි­යත් නායක ඇත්තෝ මෙතන රැස්වුණා ඔබ­තු­මාගේ නාය­ක­කා­ර­කා­දීන් එක්ක. සොබා­ද­හ­මත් එක්ක තියෙන තැනක්. ග්‍රීසියේ මහා­ච­තු­ර­ස්‍ර­වල මිනි­සුන් එකතු වෙලා, නාය­ක­යින් එක­තු­වෙලා අද­හස් පළ කර ගත්තු තැන් අපට මතක් වෙනවා. මෙතන තිබෙන විද්‍යුත් මාධ්‍ය උප­ක­රණ සහ මෙව­ලම් හැරු­ණ­හම මේ හැම­දේම කැඩෙන බිඳින දිරා යන පොළො­වට එක­තු­වෙන දේවල්. එනිසා මේ ජීවි­ත­ව­ලින් මොන­ත­රම් විද්‍යා­ව­ටත් ඉගෙන ගන්න තියෙ­න­වාද කියලා හිතෙ­නවා.

ඉතින් මට මත­කයි මීට අවු­රුදු විසි දෙක­කට විසි­තු­න­කට එපිට සබ­ර­ග­මුවේ විශ්ව විද්‍යා­ල­යේදී මා වැඩ කරන කාලේ නිතර දෙවේලේ නාය­ක­ඇ­ත්තන් මුණ­ගැ­හෙන්න එන්නේ, අපි සබ­ර­ගම විශ්ව­වි­ද්‍යා­ලයේ ආදි­වාසී ජන අධ්‍ය­යන කේන්ද්‍ර­යක් පටන් ගත්තා. ආදි­වාසී අධ්‍ය­ය­නය පිළි­බඳ ආචාර්ය උපාධි පිරි­නැ­මෙන ආය­ත­න­යක් ඒක. එතන අධ්‍ය­යන කට­යුතු කරපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යෙක් සුමුදු ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මයා. ආදි­වාසී නීතිය පිළි­බඳ එයාගේ ආචාර්ය උපා­ධිය කළා. අපේ තියෙන නීති පද්ධ­තිය ඇතුළේ අසා­ධා­ර­ණ­යට ලක්වෙලා මං හිතන්නේ සෙනෙ­වි­රත්න ඇත්තෝ බන්ධ­නා­ගා­ර­යක හිටපු සිදු­වීම් ගොඩක් මුල් කර­ගෙන එතුමා මැදි­හත් වුණා, මේ නීතිය පිළි­බ­ඳව ප්‍රති­සං­ස්ක­රණ කරන්න.

අපේ නායක ඇත්තෝ සිහි­පත් කරපු පරිදි ඔබ­තුමා කණ්ඩා­ය­මක් සමඟ පාර්ලි­මේ­න්තු­වට ඇවිල්ලා අග­මැ­ති­තු­මිය ඇතුළු අප සියලු දෙනා මුණ­ගැ­සිලා, ඒ ආදි­වාසී පනත, නිර්දේශ පිළි­බඳ වාර්තාව අපට දුන්නා. මං හිතන්නේ කාල­යක් තිස්සේ ගත්ත උත්සා­හ­යක් ඔබ­තුමා කිව්වා වගේම. ජනා­ධි­ප­ති­තු­මනි, ඒ නිර්දේශ අද වෙන­කොට නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට කෙටු­ම්පත් ආය­ත­න­යට යොමු කරලා, සමන්ත ඇමැ­ති­තු­මත් මමත් අද ඒ ගැන සාකච්ඡා කළා පරි­සර නියෝජ්‍ය අමා­ත්‍ය­තුමා සමඟ. එතුමා මෙතන ඉන්නවා. ඒ සම්බන්ධ නීති කෙටු­ම්පත් අංශය මේ වෙන­කොට උන­න්දු­වෙන් ඒ ගැන වැඩ කර­නවා. ඒක ඉතාම සංකී­ර්ණව ඒ වගේම ප්‍රවේ­ශ­මෙන් කළ යුතු කට­යු­ත්තක්. මොකද මේ ජීවිත වගේම සොබා­ද­හම, ප්‍රඥප්ති, ජාත්‍ය­න්තර වශ­යෙන් අප රටක් හැටි­යට එක­තු­වෙලා ඉන්න ප්‍රඥප්ති රාශි­යක් සල­කලා බලලා ඉතාම සාධා­රණ හා විච­ක්ෂණ විදි­යට ඒ පනත සකස් කර ගත යුතුව තිබෙ­නවා. ඉතාම ඉක්ම­නින් ඒ කට­යුතු සිදු වෙමින් තියෙ­නවා. ඒ කට­යුතු තව­දු­ර­ටත් ඉක්මන් කරලා අපි සාර්ථක කර­ගන්න ඕන බව මම කිය­නවා.

බුද්ධ­ශා­සන ආග­මික කට­යුතු අමාත්‍ය ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා, වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමාත්‍ය සමන්ත විද්‍යා­රත්න මහතා, සංචා­රක නියෝජ්‍ය අමාත්‍ය මහා­චාර්ය රුවන් රණ­සිංහ මහතා, පරි­සර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජය­කොඩි මහතා, වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා, ජාතික ජන බල­වේ­ගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි සුදත් බල­ගල්ල මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි දිනිඳු සමන් මහතා, මහි­යං­ගණ ප්‍රාදේ­ශීය සභා සභා­පති නීතිඥ උපේක්ෂා විජේ­තුංග මහ­ත්මිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේ­ව­ර්ධන මහතා, මහි­යං­ගණ ප්‍රාදේ­ශීය ලේකම් ඩබ්ලිව්. එම්. විමංස සෙනෙ­වි­රත්න මහතා, සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් අශානි විජේ­සේ­කර මහ­ත්මිය ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රීන් නිල­ධා­රි­නි­යන් හා රාජ්‍ය නිල­ධා­රීන්, ආදි­වා­සීන්, ගම්වා­සීන් රැසක් උත්සව සභාව සඳහා සහ­භාගි වී සිටි­යහ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *