NPP ආන්ඩුව හරහාම ඇඟිලි සලකුණ ක්‍රියාත්මක කළ යුතුයි – ප්‍රසාද් සිරිවර්ධන
රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීමට තමන් කොන්දේසි විරහිතව එකඟ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.
මේ ආණ්ඩුව ලවා කර ගැනීමට මෙවැනි කටයුතු කිහිපයක් ඇති බවත් ඔවුන් විපක්ෂයේ සිටියේ නම් කිසිසේත් ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීමට ඉඩ නොතබන බවත් ඔහු ප්‍රකාශ කරයි.
ජවිපෙ විපක්ෂයේ සිටියේ නම් සිය වෘත්තීය සමිති ලවා ඊට විරෝධය ගොනුකර සමාජය ද අවුස්සා සමස්ත රාජ්‍ය අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බවට හෙතෙම චෝදනා කරයි.
පසුගිය සමයේ ආණ්ඩු ගෙන ආ මෙවැනි ප්‍රගතිශීලි කිසිදු යෝජනාවකට ජවිපෙ විපක්ෂයේ සිට සහයෝගය ලබා නොදුන් බවත් එවැනි එක වැඩක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ඔහු සඳහන් කරයි.
ප්‍රසාද් සිරිවර්ධන මහතා මේ බව කියා සිටියේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

