Latestදේශීය

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 06ක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට

(විශ්ව ප්‍රභාත් රශ්මික) 

මෙරට අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර “කෙහෙල්බද්දර පද්මේ”, “කමාන්ඩෝ සලින්ත”, “බැකෝ සමන්” සහ “නිලංග” යන අන්වර්ත නම්වලින් හඳුන්යන සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් සිටිති.

ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ කණ්ඩායමක් විසින් එරට රැඳී සිටිමින් සිදු කළ මෙහෙයුමකදීය.

මීට පෙර අවස්ථාවකදී කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගත් බවට වාර්ථා පල වූ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග යූටියුබ් සාකච්ඡාවකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ ඔවුන් පවසා සිටියේ තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බවයි. එම අවස්ථාවේදී කමාන්ඩෝ සලින්ත යන අය වීඩියෝ තාක්ෂණය හරහා තම අදහස් ප්‍රකාශ කල අතර කෙහෙල්බද්දර පද්මේ තම අනන්‍යතාවය සගවාගනිමින් තම කටහඩ පමණක් උපයෝගීකරගෙන අදහස් දක්වන ලදි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ එම වැඩසටහනින් සති කිහිපයකට පසුවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *