Latestදේශීය

තුසිත හල්ලොලුව යලි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව ලබන සැප්තැම්බර් 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර තිබේ.

ඒ, ඔහුට එරෙහි නඩුව අද (28) කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු දසලකා බැලීමෙන් අනතුරවය.

පසුගිය මැයි 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට වටරවුම් පාරේ පෞද්ගලික රෝහලක් අසළදී ඔහුගේ ජීප් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙම නඩුව ක්‍රියාත්මක වේ.

මේ වනවිට අනාවරණය වී ඇති කරුණු අනුව ඔහු ඉතාමත් සැලසුම්ගහගතව තමන්ගේ රථයට වෙඩිතබාගෙන ඇති බව හෙළි වී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *