පූජිත නිදහස්
පොලිස් මූලස්ථානයේ සේවය කළ විදුලි සෝපාන ක්‍රියාකරුවකු වන සමරකෝන් බණ්ඩා නමැත්තාට සාපරාධී බලහත්කාරකම් හා සාපරාධී බිය ගැන්වීම් කළැයි යන චෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය ඊයේ (03දා) නියෝග කළාය.
2017.4.11 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ එම විදුලි සෝපාන ක්‍රියාකරුට පරුෂ වචනයෙන් බැණ වැදී පහර දීමට තැත් කළැයි ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි. ඉදිරිපත් වී ඇති සාක්‍ෂි අනුව එම විදුලි සෝපාන ක්‍රියාකරු 2019.6.2 වැනිදා එවකට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී. ඩී. වික්‍රමරත්න මහතාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත එම විමර්ශන ආරම්භ වී ඇතත් සැකකරු චේතනාන්විතව පහර දීමක් කර නොමැති බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරිය එකී නියෝගය කළාය. පූජිත් ජයසුන්දර මහතා ඊයේ (03දා) විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය. නීතිඥ නිර්මාල් කොඩිතුවක්කු මහතා සැකකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
@දිවයින