Latestදේශීය

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියල්ලන්ම අත්අඩංගුවට ගන්න – මිද්දෙණිය ජනතා උද්ඝෝෂණය

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ ‍ මත් උව­දුර ඉවත් කරන ලෙස ඉල්ලා මිද්දෙ­ණිය බස් නැව­තු­ම්පොළ ඉදි­රි­පි­ටදී ප්‍රදේ­ශ­වා­සීහු පිරි­සක් ඊයේ (08) පෙර­ව­රුවේ උද්ඝෝ­ෂ­ණ­යක් පැවැ­ත්වූහ. මිද්දෙ­ණිය, තලාව දකුණ ප්‍රදේ­ශයේ ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­ය­කුට අයත් ඉඩ­මක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිප­ද­වී­මට යොදා ගන්නේ යැයි සැක කරන රසා­ය­නික ද්‍රව්‍ය කන්ටේ­නර් දෙකක් සොයා ගැනීමේ සිද්ධි­යට අදා­ළව පරී­ක්ෂණ කඩි­නම් කර මත් උව­දු­රට සම්බන්ධ පුද්ග­ල­යන් හා ඔවුන්ට සහාය දෙන දේශ­පා­ල­න­ඥ­යන් ඇතුළු සියලු දෙනා අත්අ­ඩං­ගු­වට ගන්නැයි ඉල්ල­මින් මේ උද්ඝෝ­ෂ­ණය සංවි­ධාන කර තිබිණි.

විරෝ­ධතා පුවරු ප්‍රද­ර්ශ­නය කර­මින් සටන් පාඨ හඬ නඟ­මින් කාන්තා­වන් ඇතුළු ප්‍රදේ­ශ­වා­සීන් විශාල පිරි­සක් මෙම උද්ඝෝ­ෂ­ණ­යට එක්ව සිටිනු දක්නට ලැබිණි. “ජනා­ධි­ප­ති­තු­මනි ! පාතාල කුඩු අප­රා­ධ­ක­රු­වන්ට දැඩි දඬු­වම් දෙන්න”, “ගමේ නම කැත­කළ ජඩ දේශ­පා­ල­නය අපට එපා” “ජනා­ධි­ප­ති­තු­මනි! ඉතුරු ටිකත් ශුද්ධ කරමු” ,“පාතා­ලයේ තෝරු මෝරුන්ට සමා­වක් දෙන්න එපා”, “අපේ දරු­වන් අයිස් රකු­සාට බිලි­දුන් තොපට සාප­වේවා!”, “සම්පත් මන­ම්පේරි ගම­ටත් රට­ටත් ශාප­යක්” වැනි සටන් පාඨ රැගත් විරෝ­ධතා පුවරු උද්ඝෝ­ෂ­ක­යන් අත තිබෙනු දක්නට ලැබිණි. 

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *