මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියල්ලන්ම අත්අඩංගුවට ගන්න – මිද්දෙණිය ජනතා උද්ඝෝෂණය
මිද්දෙණිය ප්‍රදේශයේ මත් උවදුර ඉවත් කරන ලෙස ඉල්ලා මිද්දෙණිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (08) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. මිද්දෙණිය, තලාව දකුණ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට අයත් ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නේ යැයි සැක කරන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ කඩිනම් කර මත් උවදුරට සම්බන්ධ පුද්ගලයන් හා ඔවුන්ට සහාය දෙන දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මේ උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ හඬ නඟමින් කාන්තාවන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිනු දක්නට ලැබිණි. “ජනාධිපතිතුමනි ! පාතාල කුඩු අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන්න”, “ගමේ නම කැතකළ ජඩ දේශපාලනය අපට එපා” “ජනාධිපතිතුමනි! ඉතුරු ටිකත් ශුද්ධ කරමු” ,“පාතාලයේ තෝරු මෝරුන්ට සමාවක් දෙන්න එපා”, “අපේ දරුවන් අයිස් රකුසාට බිලිදුන් තොපට සාපවේවා!”, “සම්පත් මනම්පේරි ගමටත් රටටත් ශාපයක්” වැනි සටන් පාඨ රැගත් විරෝධතා පුවරු උද්ඝෝෂකයන් අත තිබෙනු දක්නට ලැබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

