යුධ බලවතාගේ ප්‍රධාන ආධර කරුවෙක් ඇමරිකාවේදීම ඝාතනය කරයි
කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
මිය යන විට ඔහු 31 හැවිරිදි වියේ පසුවිය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළ චාලි කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා තිබූ අයෙකි.
ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංවේගය පල කර ඇත.
අමෙරිකා ධජ ලබන ඉරිදා සවස 6.00 වන තෙක් අඩකුඹු කිරීමටය ද ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.
ඇමරිකානු බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

