Latestදේශීය

පුරාවස්තු කැනීම් කළ 3ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොල්ගහවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

ඊයේ (15) දහවල් කාලයේ, පොල්ගහවෙල පොලිස් වසමේ යටිගල්ඔළුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පුරාවස්තු සෙවීම සඳහා කැණීම් සිදු කරමින් සිටියදී කැණීම් උපකරණ ද සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 50, 53, සහ 59 වයස්වල පසුවන මෙම සැකකරුවන් පොල්ගහවෙල, නිට්ටඹුව, සහ දැරණියගල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *