Latestක්‍රීඩාදේශීය

ලංකාවට තියුණු ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. 

බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ඩුබායිහිදී පැවති අතර, මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද හැකිවිය.

මෙහිදී ශ්‍රී ලංකාවට හොංකොං කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 153ක් රැස්කරමින් පසුකළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජග්‍රහණයේ නියමුවා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් ලබාගැනීමට සමත්විය. 

කුසල් පෙරේරා ලකුණු 20ක් රැස් කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20  නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 149ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්ය.

හොංකොං ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගුවේය.

එම සබඳතාව බිඳ වැටුණේ සෙශාන් අලි ලකුණු 23කට දුෂ්මන්ත චමීර යැවූ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගය.

අන්සුමන් රාත් සහ නිසාකත් ඛාන් තුන්වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනගමින් හොංකොං ඉනිම සවිමත් කළේය.

පන්දුයැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත් අතර වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

අන්සුමන් රාත් ලකුණු 48ක් සහ  නිසාකත් ඛාන් නොදැවී ලකුණු 52ක් රැස් කළේ හොංකොං කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්ය.

ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *