Latestදේශීය

රාජිතට අධිචෝදනා

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම පසුගිය දා (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, ඊට අදාළ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට අමතවර සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අයද නම් කර සිටිති.

ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

මෙම නඩුව යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *