Latestවිදේශීය

ගාසා සාම ක්‍රියාදාමය ඇරඹේ

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු සාම සැලැස්ම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම අරමුණු කරගනිමින් නිල නොවන සාකච්ඡා ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නගරයේදී ආරම්භ කර තිබේ.

හමාස් සංවිධානය සාම සැලැස්මේ යෝජනාවලට අර්ධ වශයෙන් එකඟ වන බව පවසා ඇති නමුත්, එහි නිරායුධකරණය සහ ගාසා තීරයේ ඉදිරි සැලැස්ම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයකට ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන් වේ.

ඒ සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයින්ට අමතරව අමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිතයින් ලෙස ස්ටීව් විට්කොෆ් සහ ජනපතිගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද සහභාගී වන බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.

මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සෙනසුරාදා පැවසුවේ ඉදිරි දිනවලදී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *