වකුගඩු රෝගීන්ගේ ලේ මාරුකිරීමට අවශ්‍ය කටු 12 වෙනිදා රෝහල්වලට ලැබෙනවා – නලින්ද ජයතිස්ස
වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීම සඳහා අවශ්‍ය කටු ලබන 12දා (අනිද්දා) සිට රෝහල්වලට ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පදවිය රෝහල ඇතුළු රෝහල්වල මෙම කටු වර්ගය නොමැති බව පවසමින් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.
“පදවියෙ විතරක් නෙමෙයි රෝහල් ගණනාවක මේ ප්‍රශ්නය තිබුණා. ඒකට හේතු වුණේ මේ ටෙන්ඩරය ගත් සැපයුම්කරුවා නියමිත පිරිවිතරයන්ට අනුව තත්ත්වයෙන් හොඳ කටු නෙමෙයි සැපයුවේ. මේ වෙනකොට වෙනත් සැපයුම්කරුවෙක් කටු සපයනවා. එම සැපයුම්කරුවාගෙන් මිලදී ගන්න රෝහල්වලට මුදල් දී තියෙනවා. නියමිත පිරිවිතරයන්ට අනුව එම කටු මේ මස 12 වැනිදා වන විට ලැබෙනවා. ප්‍රධාන රෝහල්වල වගේම ග්‍රාමීය රෝහල්වලත් මේ අවශ්‍යතාව මේ වෙද්දි සපුරාගෙන තියෙනවා.
නියමිත පිරිවිතරයන්ට අනුව වෛද්‍ය සැපයීම් ඒකකයට කටු සපයා ගැනීමට නොහැකි වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ.”
@දිවයින