Latestවමවිදේශීය

චේ ගුවේරා නම් අසහාය විප්ලවවාදියා ජනතා හදවත් හී තවමත් ජීවමාන බව

කියු­බානු විප්ල­ව­යට පණ දුන් අස­හාය විප්ලව­වා­දියා ලෙස ලෝක දේශ­පා­ලන ඉති­හා­ස­යට එක් වූ අර්නස්ටෝ චේ ගුවේ­රාගේ 58 වැනි ගුණ සැම­රුම ඊයේ කියු­බාව ඇතුළු රට­වල් ගණ­නා­වක ජන­තාව ඉම­හත් ගෞර­ව­යෙන් යුතුව සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1967 වසරේ මැද භාග­යේදී බොලී­වි­යාවේ විප්ල­ව­යට නාය­ක­ත්වය දෙමින් සිටි චේ ගුවේරා එරට හමු­දාව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන දින දෙක­කට පසු 1967 වසරේ ඔක්තෝ­බර් 9 වැනිදා වෙඩි තබා ඝාත­නය කරනු ලැබුවේ බොලී­වි­යානු ජනා­ධි­පති රෙනේ බැරි­ය­න්ටොස්ගේ නියෝ­ග­යට අනු­වය.

කියු­බාවේ ජීව­මාන වස්තු­වක් ලෙස අද­ටත් මිලි­යන ගණ­නා­වක කියු­බා­නු­වන්ගේ ආද­ර­යට හා ගෞර­ව­යට පාත්‍ර වූ චේ ගුවේ­රාගේ ගුණ සැම­රුම ඊයේ රට පුරා පාසල්, කාර්යාල සහ වැඩ­බිම් ඇතුළු සියලු ස්ථාන­ව­ලදී සැමරූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. චේ ගේ ඓති­හා­සික ඡාය­රූප ඇතු­ළත් ප්‍රද­ර්ශන, සාකච්ඡා මණ්ඩප හා සංවාද ඊයේ කියු­බාවේ සියලු පළා­ත්වල පැවැති බවත්, එවැනි ගුණා­නු­ස්ම­රණ උත්සව රැසක් ලබන 28 වැනිදා දක්වා කියු­බාවේ පැවැත්වී­මට නිය­මිත බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *