චේ ගුවේරා නම් අසහාය විප්ලවවාදියා ජනතා හදවත් හී තවමත් ජීවමාන බව
කියුබානු විප්ලවයට පණ දුන් අසහාය විප්ලවවාදියා ලෙස ලෝක දේශපාලන ඉතිහාසයට එක් වූ අර්නස්ටෝ චේ ගුවේරාගේ 58 වැනි ගුණ සැමරුම ඊයේ කියුබාව ඇතුළු රටවල් ගණනාවක ජනතාව ඉමහත් ගෞරවයෙන් යුතුව සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1967 වසරේ මැද භාගයේදී බොලීවියාවේ විප්ලවයට නායකත්වය දෙමින් සිටි චේ ගුවේරා එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු 1967 වසරේ ඔක්තෝබර් 9 වැනිදා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ බොලීවියානු ජනාධිපති රෙනේ බැරියන්ටොස්ගේ නියෝගයට අනුවය.
කියුබාවේ ජීවමාන වස්තුවක් ලෙස අදටත් මිලියන ගණනාවක කියුබානුවන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ චේ ගුවේරාගේ ගුණ සැමරුම ඊයේ රට පුරා පාසල්, කාර්යාල සහ වැඩබිම් ඇතුළු සියලු ස්ථානවලදී සැමරූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. චේ ගේ ඓතිහාසික ඡායරූප ඇතුළත් ප්‍රදර්ශන, සාකච්ඡා මණ්ඩප හා සංවාද ඊයේ කියුබාවේ සියලු පළාත්වල පැවැති බවත්, එවැනි ගුණානුස්මරණ උත්සව රැසක් ලබන 28 වැනිදා දක්වා කියුබාවේ පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

