දයාසිරි මේ සූදානම් වන්නේ කුමකට ද?
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු වරප්රසාදවල එල්ලී කිසියම් කුමන්ත්රණයක කස කරුවෙකු වී සිටින්නේ දැයි දැඩි සැකයක් මතු වී තිබේ.
දේශපාලන නිරීක්ෂකයන් එම සැකය මතු කරන්නේ පාර්ලිමේන්තුව තුළ දී ඔහු සැලසුම් සහගතව දිගින් දිගටම ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුව ය. අසත්‍ය ප්‍රචාරවල ඔහුගේ නවතම ඉලක්කය වී තිබෙන්නේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව සැලසුම් සහගත අසත්‍ය ප්‍රචාර පාර්ලිමේන්තුව තුළ සිදු කිරීම ය.
එම තනතුරට රංග දිසානායක පත් කිරීම නීති විරෝධී නම් මේ අවස්ථාවේ දී පවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් අභියෝගයට ලක් කළ හැකි බව නීති ප්‍රවීණයින් පෙන්වා දෙති. මූලික අයිතිවාසිකම් පෙත්සමක දී ජනාධිපතිවරයා පවා වග උත්තර කරුවෙකු කළ හැකි නීතිමය හැකියාවක් තිබෙන පසුබිමක් පවතින අතර, එවැනි පියවරක් නොගෙන පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් අසත්‍ය ප්‍රචාර සැලසුම් සහගත කුමන්ත්රණයක කස කරුවෙකුගේ භූමිකාව නිරූපණය කරන බව පෙන්වා දී තිබේ.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධුරයට රංග දිසානායක පත් කළ මොහොතේ එම පත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර, සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම කිසිදු ප්‍රකාශයක් නොකළ අතර, දූෂිතයන්ට එරෙහිව අල්ලස් කොමිසම වේගයෙන් ක්‍රියාත්මක වීමෙන් පසුව පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටිති.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

