රුසියාවෙන් තෙල් නොගන්න ඉන්දියාව එකඟ වුනා – ඩොනල්ඩ් ට්‍රම්ප්
රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස අමෙරිකාව විසින් රුසියාවට ආර්ථික පීඩනය යෙදීමට දරන උත්සාහට සහයක් වශයෙන් තමා විසින් කළ ඉල්ලීමට ඉන්දීය අගමැතිවරයා මෙලෙස එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ට්‍රම්ප් මාධ්‍ය වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ඉන්දියාව “කෙටි කාලයක් ඇතුළත” තම මිලදී ගැනීම් නවත්වන බවට මෝදිගෙන් සහතිකයක් ලැබුණු බවයි.
තෙල් සහ ගෑස් රුසියාවේ විශාලතම අපනයන වන අතර ඔවුන්ගේ විශාලතම ගනුදෙනුකරුවන් අතර චීනය, ඉන්දියාව සහ තුර්කිය ඇතුළත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

