ජපානයේ පළමු අගමැතිවරිය සානේ ටකයිච්
ජපානයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස සානේ ටකයිචි පත්වේ. ඇය ගේ පත්වීම පාර්ලිමේන්තුව විසින් තහවුරු කරන ලදී.
64 හැවිරිදි කොන්සර්වේටිව්වරියක් වන සානේ ටකයිචි ජපානයේ ‘යකඩ ආර්යාව’ ලෙස හැඳින්වේ. ඇය හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්ට දැඩි ලෙස ඇලුම් කරන්නියක් ලෙසද සැලකේ. එසේම ඇය දිවංගත හිටපු අගමැති ෂින්සෝ අබේගේ අනුගාමියෙකි.
සානේ ටකයිචි ජපානයේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දැඩි මතධාරිනියක් වේ.
වසරකට පමණ පෙර බලයට පත් වූ පරිපාලනයට අවසානයක් සනිටුහන් කරමින්, ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා සිය කැබිනට් මණ්ඩලය සමඟ ඉල්ලා අස්වී ඇත. හදිසියේ පැවැති කැබිනට් රැස්වීමකදී, අදාළ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඉෂිබාගේ කැබිනට් මණ්ඩලය නිල වශයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
@දිනමිණ
Please follow and like us: