Latestදේශීය

අපරාධකරුවන් රටින් පන්නන මහා මොළකරු හදුනා ගනී

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහ මොළකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කර ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී බවද සඳහන් වේ.

ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවය.

අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහ මොළකරු එම පුද්ගලයා බවට සැක කරන බව‍ පොලිසිය වැඩිදුරටත් සඳහන් කර‍යි.

ඉෂාරා සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට ගත් ජේ.කේ බායි නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහ මොළකරු බවට සැක කෙරෙන අදාළ පුද්ගලයා සම්බන්ධ කර ඇති බවද මේ වනවිට හෙළිවී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *