Latestදේශීය

2025 උසස් පෙළ මෙහෙමයි

2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර  කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සියළුම විදුහල්පතිවරුන් තම පාසලට අදාල කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් ප්‍රවේශ පත්‍ර භාරගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමුකර ඇති බවයි.

අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හා විෂය සංශෝධන තිබේ නම් හඳුන්වාදී ඇති වෙබ් අඩවිය තුලින් එම කටයුතු සිදුකල හැකි අතර සංශෝධන සිදුකිරීම ලබන 31 වැනිදායින් අවසන් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

2025 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2362 කදී පැවැත්වේ.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය දෙසැම්බර් මස 6 වැනිදා විභාග මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වීමට නියමිතය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *