පාතාලය අවසන් කරන්න අපට සහය දෙන්න – විජිත හේරත්
පාතාලය සහ කුඩු ජාවාරම බලවත් බැවින් රජයක් ලෙස මෙරට මත්ද්‍රව්‍ය හා බැඳුණු පාතාලය මැඩපැවැත්වීමට ජනතාවගේ සහාය බලාපොරොත්තු වන බව වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එමනිසා ජාතික වැඩසටහනක් 30 වනදා සිට අරඹන බවද, මුළු රටේම සියලුම ජනතාව ඒකාබද්ධ කර ගම් මට්ටමින් සියලුදෙනා ඒකරාශී වී ආගමික නායකයින් විවිධ සිවිල් සංවිධාන ආදී සියලුදෙනා ඒකරාශී වී මත්ද්‍රව්‍ය වලට එරෙහිව එක පෙරමුණකට වී වැඩකළ යුතු බවද අවධාරණය කළේය.
එසේ ක්‍රියා කරමින් මෙය පරාද කළ යුතු බවද නීතිමය ක්‍රියාමාර්ග වලින් පමණක් නොව ජනතාව තුළින් නැගෙන විරෝධයක් සමග මෙය පාලනය කළ යුතු බවද වැඩිදුරටත් පැවසුවේය. එවැනි වැඩසටහනක් 30 වෙනිදා සිට අරඹන බවද, රටේ ජනතාවගේ සහයෝගය පක්ෂ පාට භේදයකින් තොරව උපරිමයෙන් අපේක්ෂා කරන බවද පැවසුවේය.
මෙය ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේම වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා අපි ඔක්කොම එකතු වී මත්ද්‍රව්‍ය සමග බැදුණු පාතාලය මර්දනය කර නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කරගත යුතු බවද ඒ වෙනුවෙන් සියලු දෙනාම ඇප කැප විය යුතු බවද සදහන් කළේය.

