Latestදේශීය

ඇප අයැදුම් පත්‍ර ප්‍රතික්ෂේපයි

වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (07) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, ඊට අදාළ පෙත්සම මෙම නියෝගය ප්‍රියනත් ලියනගේ, විරාජ් වීරසූරිය, පී එම් ටී බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවට අදාළව හිටපු ඇමතිවරු වන මහින්දාන්නද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු පසුව පසුගිය මැයි 29 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරුවන් විය.

ඒ අනුව විත්තිකාර ඇමතිවරු දෙදෙනා හට දඬුවම් නියම කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හිටපු අමාත්‍යවරු දෙදෙනාට පනවන ලදී.

එයට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරුන් සිය නිතීඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කළේය.

එම අභියාචන පෙත්සම්වලට යටත්ව තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා විත්තිකාර ඇමතිවරු මෙම ඇප ඇයැදුම් පත්‍ර ගොනු කර තිබිණි.

කරුණු සලකා බැලූ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල චූදිතයින් හට ඇප ලබා දීමට ප්‍රමාණවත් තරම් කරුණු දැක්වීමක් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කරමින් ඇප අයැදුම් පත්‍ර ප්‍රතික්ෂේප කර ඇත.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *