චීනයේ පාලමක් කඩාවැටේ
නිරිත දිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ මෑතකදී විවෘත කළ, මීටර 758ක් දිග හොංකි පාලමේ කොටසක් කඩා වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය සඳුදා පාලම පිහිටා ඇති කලාපයේ භූමියේ යම් ඉරි තැලීම් හටගෙන හටගැනීමක් දක්නට ලැබ තිබේ.
ඒ හේතුවෙන් පාලම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබු පසුබිමක මෙලෙස පාලම කඩා වැටීමකට ලක්ව ඇති බව සඳහන්ය.
අනතුරින් ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති අතර, මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ බෑවුම් සහිත කඳුකර ප්‍රදේශයේ භූ විද්‍යාත්මක අස්ථාවරත්වය කඩා වැටීමට හේතු වූ බවය.
@sinhala.adaderana.lk
Please follow and like us:

