Latestවිදේශීය

චීනයේ පාලමක් කඩාවැටේ

නිරිත දිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ මෑතකදී විවෘත කළ, මීටර 758ක් දිග හොංකි පාලමේ කොටසක් කඩා වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය සඳුදා පාලම පිහිටා ඇති කලාපයේ භූමියේ යම් ඉරි තැලීම් හටගෙන හටගැනීමක් දක්නට ලැබ තිබේ.

ඒ හේතුවෙන් පාලම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබු පසුබිමක මෙලෙස පාලම කඩා වැටීමකට ලක්ව ඇති  බව සඳහන්ය.

අනතුරින් ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති අතර, මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ බෑවුම් සහිත කඳුකර ප්‍රදේශයේ භූ විද්‍යාත්මක අස්ථාවරත්වය කඩා වැටීමට හේතු වූ බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *