ඉන්දීය යුද නෞකාව කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා පසුගියදා (18) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි ‘INS SUKANYA’ යුද නෞකාව, දිගින් මීටර් 101 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස COMMANDER,SANTOSH KUMAR VERMA, කටයුතු කරනු ලබයි.
‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර, සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා පසුගියදා (18) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි ‘INS SUKANYA’ යුද නෞකාව, දිගින් මීටර් 101 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස COMMANDER,SANTOSH KUMAR VERMA, කටයුතු කරනු ලබයි.
‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර, සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ලද වැඩසටහන් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කරන ලදි.
මෙම නිල සංචාරය නිමාකරමින් අද (21) ‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.