Latestදේශීය

ගල් අඟුරු පරීක්ෂණ සම්බන්ධයෙන් දොලවත්තගේ කලබලය කුමක් ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම පක්ෂයේ නිල මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත රාජපක්ෂ පවුල සම්බන්ධ තැති ගැනීමක් හෙළි කර තිබේ.

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ දී යෝෂිත රාජපක්ෂට සම්බන්ධ ඥාතීන් පිරිසක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත. පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර 2009 සිට සිදු කරන ලද ගල් අඟුරු සම්බන්ධ වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කටයුතු කිරීමට එරෙහිව නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත අදහස් දක්වා ඇත.

සක්‍රීය සේවයේ යෙදී සිටින විනිසුරුවරු එම කොමිසමට පත් කිරීමෙන් ළබැඳියාවෙන් අතර බැඳීමක් ඇති වන්නේ යැයි මතයක් පළ කිරීමට තරම් රාජපක්ෂලා තැති ගැනීමකට ලක් වී ඇති බව ප්‍රේමනාත් සී දොලවත්තගේ මාධ්‍ය හමුවෙන් තහවුරු වී තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *