Latestදේශීය

ජලාශ වේලි ඉරිතලා ඇති බවට පළවන වාර්තා අසත්‍යයි

රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වේලි ඉරිතලා ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතින අතර එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම ජලාශ වේලි ආශ්‍රිතව එවැනි අවදානම් තත්ත්වයක් නොමැති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් තහවුරු කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *